පිරිව‍ර

ලිව්වේ මන්දාකිණී Saturday, August 15, 2009 0 යි අදහස්

fkdalalvq


kskao wehs wukdm

fk;= wihs ;re leghlska

‘lú weú;a wd,jka; lñ’

;drldj fkdalalvq lshhs

isysk w; jkhs

weila wvjka lr

lú uql=¿ ug bkd yi k.hs

uu oemfk jegqfKñ


kskaog jvd

lú isysk ug

iqkaorhs

| edit post
ලිව්වේ මන්දාකිණී 0 යි අදහස්

wiks jeis jefgk iS;, /fhl

l¨jrg ;re yËk isys;f,a

W, f,fykshlA lsuo f;;nrsj

úfhdA .Shlg uq, mqrkAfkA

bls ì¢k mkaysf|ka jEiafik

lú lª¿ weia folg nr jeähs

fldmq,a ;, u;ska ,siaid f.diska

wehso m;a brefj fm< .efikafk

úfhdA .S .hkakg lsis úfgl

Tng ne|s fma%ufha kdufhka

isysfkkqÿ fkdis;=fjñ i;a;lhs

lsuo fñ fjki ug fkdjegfyhs

ixidr mqreoaola hehs lshQ

wdorh Wlia flrejd o Tn

Wli fírkak ug bv fokak

uf.a uqÆ fiai;u iskak lr

ug ;ksh ;ksh Wyq,kq nersh

mqrjkakg nersh fï ysoei ldgj;au

u,la n÷ Tfn is;u .,la lr

ksyË ù isákafka lsuo Tn

oksñ Tn fk,kq ners u,la nj

ÿr wyi osf,k ;rejlah Tn

fkdorñh lsis ;e;la fk,kakg

ÿrska ys| n,d bkakg fokak


අවමානය....

ලිව්වේ මන්දාකිණී Thursday, August 13, 2009 4 යි අදහස්

කලින් ලියපු කෙටි කතා වගෙම දැන් නිකමට ලියන කවිත් ජාලයේ පළ කරන්න ඕනි කියල හිතුවා මං. මල්ලි කෙනෙක් ව අඳුන්වල දුන්නා දුකා, දුක් ගන්නාරාල මට. එයාටත් තියෙන්නෙ මාර නමක්. ඒ අපේ පොතේ ගුරා. එයා තමයි මේ බ්ලොගය හදන්න මට උදව් කළේ. ඒ දෙන්නටම පින් අනුමෝදන් කරමින් ඕගොල්ලොත් කියවන්න...මෙ නිර්මාණ...හැබැයි ඕගොල්ලො නිතරම කියවන බ්ලොග් වගේ ෆන් ගන්න බැරිවේ සමහරවිට. ඒ වුනාට වෙනත් රටවල මිනිස්සු සිතන පතන හැටි, කන බොන හැටි...ජන ජීවිතය වගෙ දෙවල් දන්ගන්න පුලුවන් වේවි. ඉඩ කඩ ලැබෙන විට්දියට මම රසවත් නිර්මාණ එකතු කරන්න බලන්නම්. සරල නිර්මාණ. අදහස් ලියන්නකො...

හැඳුනුම් පත
අනිසා ක්වාජා මොහොමද් මූසා. . . . ඇගේ සම්පූර්ණ නම එය විය. ඇගේ නම අනීසා වුවත් අනිවාර්යයෙන්ම සිය පියාගේ වාසගම ඇතුළුව මුළු නමම එයට ඈ\ භාවිතා කිරීම ඇෆ්ගනිස්තානයේ සාමාන්‍ය සම්ප‍්‍රදාය වේ. අනීසා තමාගේ සම්පූර්ණ නම හොඳින් කට පාඩම් කර ගත්තාය. විසි වාරයක් පමණ නැවත නැවත කියවා කට පාඩම් කර ගත්තාය. ඒ ඇයට විශේෂ කාර්යයක් සඳහා ගෙදරින් බැහැරව යෑමට ඇති නිසාය.
සිය කිට්ටුම යෙහෙළියන් වූ නසීමාත් හසිනාත් ඊයේ සවස තමා හමුවීමට පැමිණ කියූ දේවල් ඇයට අදහා ගන්නට බැරි තරම් පුදුම සහගතය. ඔවුන් පැමිණියේ සයිඞ් ජමාල්ඞීත් ගුරු විද්‍යාලයේ තාවකාලිකව අරඹා තිබෙන ඡුන්ද දායකයින් ලියා පදිංචි කරන මධ්‍යස්ථානයේ සිටය. ඔවුන් එහි ගොස් ඉතා අලංකාර කාඞ් වගයක් ලබා ගෙන ඇත. එම කාඞ්පතෙහි ඔවුන්ගේ නම, ගම, වයස පමණක් නොව පාට පින්තූරයක් ද අලවා ඇත. පින්තූරය ගලවා ගැනීමට බැරිවන ආකාරයෙන් ප්ලාස්ටික් කවරයකින් තද කොට අලවා ඇත. ඇය එවැන්නක් දුටු මුල් වතාවය. නසීමා සහ හසිනා ඔවුන්ගේ බුර්කාව ඉවත් කර ඡුායාරූපයකට පෙනී සිට ඇත. ඔවුන්ගේ ඡුායාරූප ඉන්දියානු සිනමා නිළියන්ගේ මෙන් ලස්සණය. වෙනසකට ඇත්තේ මොවුන් ඉන්දියානු සිනමා නිළියන් මෙන් නළල මැද තිලක තියා නොතිබීමය.

යෙහෙළියන් දෙදෙනාගේ කතා ඇසීමෙන් පසු නින්ද යන තුරුම ඊයේ ? අනිසා පින්තූර ගැනීම ගැන සිතුවාය. නින්ද ගිය පසුත් ඇය නිළියක් මෙන් දිලිසෙන ඇඳුම් ආයිත්තමින් සැරසී පාට පාට මල් පිපුණු උද්‍යානයක තණ නිල්ලේ වැතිරී පින්තූර ගන්නා ආකාරය සිහිනෙන් දුටුවාය. පාන්දර අවදි වූ ඇයට මතක් වූයේ සමහර වැඩිහිටියන් පින්තූර ගැනීම ගැන කියු දේවල්ය. ඇෆ්ගන් ජාතික ගැහැණුන්ට පින්තූර ගැනීම ශුද්ධ වූ කුරාණයේ තහනම් කර ඇති බව ඔවුහු පැවසූහ. එවිට ඔවුන්ගේ මුහුණු පවුලෙන් පිට පිරිමින්ට පෙනෙන නිසාය. එහෙත් මෑතකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහි පැමිණි පසු කවුරු කවුරුත් විදේශිකයින් සමග ඇෆ්ගන් ජාතිකයන් ද සේවය කරන මධ්‍යස්ථාන වලට ගොස් පින්තූර ගන්නට වූහ. සමහරුන්ගේ මතය වූයේ එම කාඞ් ගැනීමෙන් පසු හාල්, තෙල්, සිනි ආදිය ද එයට ලබා ගත හැකි බවයි. නසීමා කීවේ පින්තූර මැසිම ක‍්‍රියා කළේ ද ඇෆ්ගන් ජාතික ස්ති‍්‍රයක් බවය. එසේ නම් බය වීමට හෝ ලැජ්ජා වීමට කාරණයක් නැතැයි අනීසා සිතා ගත්තාය. අනිසාට පින්තූර ගැනීම ගැන තව විස්තර යෙහෙළියන් ගෙන් දැන ගැනීමට උවමනා විය.
ිකලූවර කාමරයකටත් ගෙනියනවද?’
‘පිස්සුද?’
නසීමා සිය අත්දැකීම් විස්තර කරන්නට වූවාය.ිඔන්න ඉස්සර වෙලාම අපිට ඉඳගන්න කියනවා. ඊට පස්සෙ නම, තාත්තගෙ නම, උපන් දිනේ, ඉන්නෙ කොහෙද එහෙම කියලා ප‍්‍රශ්න ටිකක් අහල ලියා ගන්නවා. අපෙන් අහනව පින්තූර ගත්තට කමක් නැද්ද කියලත්. කැමති නං විතරයි පින්තූර ගන්නෙත්’
අනිසාට යමක් සිතා ගත නොහැක. ඒ තමාගේ උපන් දිනයයි.ිමං දන්නෙ නැහැ නෙ මගේ උපන් දිනේ. අපෙ අම්මා වත් හිටියනං අහගන්න තිබුණා’
‘එ්කට කමක් නැහැ. ඒ ගොල්ලො එක එක පරණ සිද්ධි ගැන ප‍්‍රශ්න අහලා වයස අනුමාන කරලා දමනවා. උඹට දැන් කොහොමටත් විස්ස පැනලා ඇති.’
‘අයියටත් විස්ස පැනලද?’ අනිසාගේ ප‍්‍රශ්නයට යෙහෙළියන් දෙදෙනාම කොක් හක්‍ෂලා සිනා සෙන්නට වූහ.ිඅයියා වෙන්නෙ උඹට වඩා වැඩිමල් නිසානෙ. එතකොට විස්ස පැනලා තමයි. ඒකවත් උඹට තේරෙන්නෙ නැද්ද?’
අනිසා ගණන් කරන්නට හෝ ලියන්නට හෝ කිසිවක් නොදනියි. ඇය පාසැල් යා යුතු යයි ඇගේ තාත්තා කිසි විටෙකත් නොසිතුවේය. කෙල්ලන්ට උගන්වා මොන රස්සා වලට යවන්නද? අනෙක කසාද බැඳ ගිය විටක ගෙදර දොරේ බත් තම්බන්නට හා දරුවන් රැුක බලා ගන්නට අකුරු ඉගෙන නොගත්තාටද පුළුවන් බව ඔහු දැන සිටියේය. අනිසාගේ මව ද ෆාර්සි හෝඩියේ මුල් අකුර වූ ර්‍ණඅලෙෆ්” යන්න වත් දැන සිටියේ නැත. අනෙක තලේබාන් පාලන කාලයේ ගැහැණු ළමයින් පාසැල් යැවීම ද තහනම් කර තිබිණි. ඉස්කෝලේ යෑමෙන් ඔවුන් නරක් වෙතැයි ඔවුහූ බිය වූහ. උයන්නට පිහන්නට රෙදි සෝදන්නට වගේම අත්කමක් ගෙත්තමක් ඉගෙන ගත්තාම ඒ ඉහටත් උඩින්ය.
යමක් කමක් තියෙන ගෙවල් වල කෙල්ලන් පවා ඉගෙන ගන්නේ කුරාණය කියවන්නට පමණි. අනිසාගේ අයියා පවා ඉගෙන ගත්තේ අට වසර දක්වා පමණි. ඔහුට වඩා ඉගෙන ගැනිමට අවශ්‍ය නොවිණි. ඉන්පසු ඔහු අඟුරු වැඩ පළේ රස්සාවට ගියේය. ඔහුගේ පාසැල් පොත් පෙරල පෙරලා බලන්නට අනීසා ආශා කළාය. ඒ ඒවායේ තිබුණු අපූරු පින්තූර බලන්නට තිබුණු ආසාව නිසාය. දැන් තමාගේම පින්තූරයක් බලා ගැනීමට ද අවස්ථාවක් තමාට උදාවෙනු ඇත. අද උදේ පාන්දරින්ම නැගිට ගෙදර වැඩ පළ නිම කළේ ඒ උද්යෝගයෙනි. නසීමාත් හසීනාත් ඇය කැටුව යෑමට එන බවට එකඟ වූහ. එවිට ඔවුන්ට තවත් වරක් ගෙයින් පිටතට ඇවිදීමට යෑමට අවස්ථාවක් ලැබෙනු ඇත. නිල් පාට බුර්කාවෙන් හිස සිට දෙපතුලටම වසා ගෙන, ඇස් අසල ඇති අඟල් හතරක් දිග පළල දැල් කඩෙන් පමණක් පෙනෙන සීමාව බලා ගෙන හෝ ගෙයින් පිටතට යෑමට ලැබේ නම් එය ද භාග්‍යයක් කොට බොහෝ ගැහැණු සිතූහ.
තාත්තාත් අයියාත් උදෙන්ම වැඩට ගියහ. නසිමාත් මුහුණ කට සෝදාගෙන සූදානම් වූවාය. තාත්තාත් අයියාත් අවසර දුන්නේ ගුවන් විදුලියෙන් හැඳුනුම් පතේ වටිනාකම විටින් විට කියා දෙන නිසාය. රාම්ලාන් උත්සවය සඳහා තාත්තා ගෙනැවිත් දුන් දිග ගවුමෙන් සැරසුණු නසිමා මුහුණේ රෝස පැහැති පියරු ටිකක් තවරා ගත්තාය. රතු පැහැති තොල් ආලේපන ටිකක් දෙතොලේ තවරා ගත් ඇය ඉන් ටිකක් දබරැුඟිල්ලට ගෙන දෙකම්මුල් වලද යාන්තමට තවරා ගත්තේ තව ටිකක් හැඩ විමටය. පරණ කාඞ් බෝඞ් පෙට්ටියක සඟවා තිබූ ප්ලාස්ටික් වළලූ ටික එළියට ගත් ඇය එහි ¥විලි යන්නට රෙදි කැබැල්ලකින් පිස දමා හරියට දෙකට බෙදා දෑතේ පළ\ ගත්තාය. අයියා ගණන් කරන්නට ඉගෙන ගන්නා විට ඇය ද දහයට යන තුරු ගණන් කරන්නට ඉගෙන ගත්තේ කාටත් හොරෙන්ය. ර්‍ණයක්. . . ඩූ . . . සෙ . . . චාර් . . . පාන්ච් . . . ෂස් . . හෆ්ත් . . . හෂ්ට් . . . නව් . . . දා . . .” ඇය වළලූ එකින් එක ගැන්නාය.ිබස් අස්ත්”” ඇය තමාටමිඇති’ කියා අණ කර ගත්තාය.

හේමන්තය නිසා කන්ද බැස යා යුත්තේ හිම තට්ටු මතින්ය. මහ පාරට යන තුරු කිලෝ මීටර භාගයක් පමණ කන්දේ පල්ලම් බැස යා යුතුය. කුඩා කාලයේ නම් ලෑල්ලක් තබා හිම මත ලිස්සා යා හැකිය. එහෙත් වැඩිවිය පැමිණි පසු ගැහැණු ළමුන්ට බොහෝ දේ කරන්නට ඇෆ්ගන් සංස්කෘතියෙන් හා සම්ප‍්‍රදායෙන් තහනම් කර ඇත. හක්‍ෂ නගා සිනාසීම . . . ගී ගැයීම . . . නැටීම ඔවුන්ට තහනම්ය. හැම විටම හිස වටා රෙදි කඩක් ඔතා ගෙන සිටිය යුතුය. ගෙදරින් පිටතට යන විට බුර්කාවෙන් හිස වසා ගෙන යා යුතුය.
අනිසා මඩ ගෑවුණු දෙපා නොසෝදාම මේස් දෙකක් දමාගෙන කබල් සපත්තු දෙක ඇතුළට දෙපා ඔබා ගත්තාය. ඉන්පසු දොරකඩ වූ පඩිය මත ඇන තියා ගෙන පාර දෙසට නෙත් යොමා ගත්තේ කොයි මොහොතක හෝ නසීමාත් හසිනාත් පඩි පෙළ පා මුලින් මතු වේ දැයි සිතමින්ය. එතැනට වී වාඩි වී පැය භාගයක් පමණ ගත වූවත් යෙහෙළියන් දෙදෙනා පැමිණියේ නැත. ඇයට මහා දුකක් දැනිණි.ිඅනේ` අල්ලා දෙවියනි, මට සමාවී ඔවුන් දෙදෙනාව ඉක්මණට එවන්න’ ඇයට ඇති එකම පිළිසරණ අල්ලා දෙවියන්ය.
දෙකට තුනට නවා ඔතා ගත් බුර්කාව ඇයගේ ඔඩොක්කුවේය. ගෙදරින් පහළට බැස යන පඩි පෙළ හිමෙන් වැසී ඇත. අයියාත් තාත්තාත් වැඩට ගිය පසුවත් හිම වැස්සක් වැටුණු නිසා ඔවුන්ගේ අඩි සටහන් පෙනෙන්නට නැත. ඒවා හිමෙන් වැසී ගොස්ය. හිම වැටෙන කාලයට සීතල දරා ගත නොහැකි වුවත් අනිසා සිත සෘතුවට දැඩි සේ ආශා කළාය. රොඩු බොඩු කුණු කන්දල් කිසිවක් නොපෙනෙන සේ හිම වලින් මුළු පරිසරයම වසා ගනියි. ඉර පෑයුවේ නැතත් අමුතු ආලෝකයකින් බැලූ බැලූ අත එළිය වෙන්නේය. සුදු පිරුවට ඇඳගත් කඳුවැටි වල ද ඇත්තේ ඉමහත් ශාන්ත භාවයකි. රාම්ලාන් කාලයේදී සුදට සුදේ මක්කම පූජා භූමිය දිස්වන සේ පෙනෙන තෙක් මානයම හිමෙන් පින්තාරු කෙරෙනවාට ඇය කැමතිය. අම්මාගේ සොහොන ද ඒ වටා ඇති අනෙක් සොහොන් ද ඇයට එවිට පෙනෙන්නේ නැත. අම්මා ගැන පුංචිම පුංචි මතකයක් වත් ඇයට නැති වුවත් සොහොන දකින විට අම්මා ගැන නොයෙක් දේ ඇයට සිතෙයි. ආච්චි අම්මා කියා දුන් ආකාරයට අනිසාට අවුරුදු එක හමාරක් පමණ වන විට ඇගේ අම්මා තවත් දරුවෙකු ලැබෙන්නට ගොස් ලේ මද කම නිසා අම්මාත් දරුවාත් දෙදෙනාම දෙවියන් වහන්සේ වෙතට ගොස් ඇත. තාත්තා ඉන්පසු වෙන කසාදයක් කර ගෙන නැත. එහෙත් තාත්තාට වෙන බිරිඳක් හා දරුවන් පුල්කුම්රේ නම් ගමේ සිටින බව කිසිවෙකුටත් රහසක් වූයේ ද නැත. ඔහු හිටි ගමන් අහල පහළ නැන්දා කෙනෙකුන්ව ඇගේ තනියට නවත්වා ගෙදරින් පිටව සතියක් පමණ ගතකර පැමිණෙයි.
බල්ලකු බුරන හක්‍ෂින් අනිසා හිස ඔසවා බැලූවාය. පඩි පෙළේ පහළ කලූ ගුලි දෙකක් සෙලවෙයි. ඒ නසීමා හා හසිනා විය යුතුය. ඇය වහා බුර්කාව ඉසෙන් කණින් පොරවා ගෙන දොර අගුලූ දමා යෙහෙළියන් එන පෙර මගට දිව ගියාය. එහෙත් හිම ගොඬේ ලිස්සා නොවැටීමට පරෙස්සම් වූවාය.
ිඅස්සලාම් අලේකුම්`’ අනිසා සිය යෙහෙළියන්ට ආචාර සමාචාර කළේ තවත් ප‍්‍රශ්න වැලක් සමගය.
‘චුතුරාස්ති . . .? කුබ් අස්ති . . .? ජානේ ජූර්? කයිරා කයිරා අස්ත්?’ ඉන් පසු සිප වැළඳ ගැනීම්ය. හෙමිහිට ඇසෙන මද සිනා වැල්ය. මේ සියලූම දේ කෙරෙන්නේ බුර්කාව යට මුහුණු නොදැකය. කතා බහ කෙරෙන අතරම ඔවුන්ගේ දෙපා ඡුන්ද දායකයින් ලියා පදිංචි කරන ගුරු විදුහල දෙසට යොමු විය. ඔවුන් එහි ළඟා වන විටත් ගැහැණු එක පෝලිමකත් පිරිමි එක පෝලිමකත් ඉදිරියට ඇදෙමින් සිටියහ. ඇෆ්ගනිස්තානයේ පොලිස් රාළහාමිලා හය හත් දෙනෙක් පෝලිම් හසුරුවමින් රාජකාරියේ යෙදී සිටිති. අමෙරිකානු යුද ටැංකියක් හා රතු මේපල් කොළයක් සටහන් වූ කොඩි රැුඳවූ කැනේඩියානු ජීප් රථ දෙකක් පිට්ටනියේ පැත්තක නවතා ඇත. ඒවා අසල කඩවසම් සුදු සොල්දාදුවෝ ආයුධ අතැතිව සක්මනේ යෙදෙති. රැුවුල් වවා ගෙන ඔලූවේ ජටා ගැට ගහ ගෙන හෝ තොප්පි දමා ගෙන කිලූටු ඇඳුම් ඇඳගෙන ඉන්න ඇෆ්ගන් පිරිම්න්ට වඩා මේ සුදු සොල්දාදුවන් හැඩකාර යයි අනිසාට සිතෙයි. බුර්කාවේ දැල යටින් ඇති තරම් වේලා ඔවුන් දිහා බලා සිටිය හැක්කේ කාටවත්ම ඇගේ ඇස් ඇත්තේ කොහේ දැයි නොපෙනෙන නිසාය. පෝලිමේ සිටි සමහර ගැහැණුන් බුර්කා හැඳ සිටියේ නැත. හිස පමණක් යාන්තමට ආවරණය කර ගෙන සිටි ඔවුහූ ඉතා ලස්සන ඇඳුම් ආයිත්තමින් සැරසී සිටියහ. ඇයට සිතුණේ ඔවුන් ර්‍ණකුචී” (අහිකුණ්ඨික* ගැහැණුන් විය යුතු බවයි. පාට පාට විසිතුරු ආයිත්තම් වලින් ඔවුන් ගේ හිස සරසා තිබිණ.ි තමා සැරසී සිටි ඇඳුම ද පබලූ වලින් හා සීකුවීන්ස් වලින් හැඩ වැඩ දමා තිබුණත් බුර්කාව ඒ සියලූ අලංකාරයන් වසා ගෙන සිටියි. බුර්කාව විටෙක වාසියක් සේ දැනුණත් අවාසි නම් රැුසක් ඇතැයි ඇයට සිතිණි. බුර්කාව ඉවත් කර සිය ඇඳුම ඔවුන්ට පෙන්වන්නට ඇත්නම් හොඳ යැයි අනිසා සිතුවාය. මෙහි එන්නට පෙර බිඳුණු කණ්ණාඩි කැබැල්ලෙන් මුහුණ බලන විට ඇගේ මුහුණ සුන්දරව දුටුවා ඇයට මතකය. දිගු සිහින් නැහැය, නිල් පාට ඇස් දෙක, ගණට වැඩුණු තද කලූ ඇහි බැම, ඇපල් ගෙඩි වල පැහැය සොරාගත් දෙකම්මුල් යනාදි සියල්ල නිසි අයුරින් නිසි ප‍්‍රමාණයට දෙව්යන් විසින් තබා ඇතැයි ඇයට සිතෙයි. දැන් පින්තූරය ගත්තාට පසු කණ්ණාඩි කැබැල්ලට එබෙන්නේ නැතුව රිසි සේ ඇගේ රූ සපුව දැක බලා ගත හැකි යයි ඇයට සිතෙයි.
පෝලිමට එකතු වි ටික වෙලාවකින් ඇයට ශාලාව ඇතුළට යා ගත හැකි විය. එහි වැඩ කරන ඇෆ්ගන් ස්ත‍්‍රීන් බුර්කා හැඳ සිටියේ නැත. ඔවුහු ඉතා සතුටින් සැහැල්ලූවෙන් තම තමන්ට නියමිත වැඩ කරනු ඇයට පෙනෙයි. නොදැනුවත්වම ඇයගේ වාරය එළැඹ ඇත .
‘ නාමෙ ෂුමා චීස්?”” (ඔබේ නම කුමක්ද?)
‘අනිසා’
ඇය මුලූ නමම කියන්නට කට පාඩම් කර ගත්තත් තිගැස්ම නිසා කියැවුනේ ඇගේ නම පමණකි.
‘නාමෙ පදර්?’ (පියාගේ නම?)
‘ක්වාජා මොහොමද් මූසා’
‘මිට කලින් ලියා පදිංචි වෙලා තිියෙනවද?’
ර්‍"මොකටද මං දෙසැරයක් කාඞ් ගන්නෙ? "
ඇය එසේ සිතුවා මිස වචන මුවින් පිට කළේ නැත. ඒ වෙනුවට ඇය හිස දෙපසට වැනුවාය.ිෂුම්මා ඇෆ්ගන් අස්ත්?’ (ඔබ ඇෆ්ගන් ජාතිකයෙක්ද?) මළ විකාර . . . වෙන රටවල මිනිස්සු මෙහෙ කාඞ් ගන්න එනවායැ? මාව දැක්කම පෙනෙන්නෙ නැද්ද මන්දා මම ඇෆ්ගන් කියලා. වෙන රටවල මිනිස්සු නිල් පාට බුර්කා අඳිනවද? මේ ගොල්ලන්ගෙ නං ඔලූව හොඳ නැද්ද කොහෙද? හිත ඇතුලෙ මෙහෙම ප‍්‍රශ්න පැන නගිද්දි ඇය අහපු ප‍්‍රශ්නෙට බාලෙ . . . බාලෙ . . .ී (ඔව් . . ඔව් . . ) කියලා පිළිතුරු දෙමින් වට පිට බැලූවේ පින්තූර ගන්නේ කොතැනදැයි විපරම් කිරීමටය. ප‍්‍රශ්න අහන ගමන් පොතක මොනවද සටහන් කළ යුවතිය මේසය මත තිබූ විශාල කහ පාට පොතෙන් කොළ කැබැල්ලක් ඉරා අනිසා අත තිබ්බේ,ිබුරු උන්ජා’ (අතනට යන්න) කියම්න් අත දිගු කරමින්ය.
ලාබාල තරුණියක් කැමරාවක් අත රඳවාගෙන එතැන වාඩි වී සිටියාය. ඇය උජාරුවෙන් කැමරාවේ කෑලි එහා මෙහා කරමින් කුමක්දෝ කරනු අනිසා දුටුවාය. ඇය ද ඇෆගන් ජාතික තරුණියකි. ඔවුහු අනිසා මෙන් නොව අකුරු ලියන්නට කියවන්නට දැන සිටියහ. ඒ පමණක් නොව පොටෝ ගහන්නටත් ඒවා වේලා එවෙලේම කාඞ් වල අලවා සීල් තබා දීමටත් දැන ගෙන සිටියහ. කැමරාව අතින් ගෙන සිටි තරුණිය අසුනක් දක්වා අනිසාට ඉඳගන්නට කීවාය.'ඉන්ජා බිෂින් . . . බිෂිනි’ අනිසා මින් පෙර කිසි දිනෙක පුටුවක වාඩි වී නැත. පුටුවේ කොණක ඇය බියෙන් මෙන් වාඩි වූ විට නිලධාරිණිය මදක් සැරෙන් ඇයට පුටුවේ පිටු පසට වී වාඩි වන්නට අණ කළාය.ිපස්සට හේත්තු වී ඉඳගන්නවා’ අනිසා නිලධාරිණියට කිකරු වූවාය. පින්තූරය ගන්නා විට ඇස් පිය වේ දැයි ඇයට බියක් සිතිණි. ඇස් ඇර ගෙනම සිටිනවා යයි ඇය දැඩිව අධිෂ්ඨාන කර ගත්තාය.
‘ඔලූව කෙළින් තියා ගන්න. ඇස පියන්න එපා ලයිට් වැදෙන කොට. ඔය කණ්ණාඩියෙන් බලල පොඞ්ඩක් කොණ්ඩෙ පිටි පස්සට කර ගන්න. හා . . දැන් හරි’
අනිසා ඇය කියන විදියටම ඉන්නට උත්සාහ කළත් නොදනුවත්වම මදක් ඉදිරියට හිස නැමුණාය.
‘ඔය . . . ඔය . . . ඔලූව කෙළින්. ඇස් හොඳට ඇර ගෙන ඉන්නව.’ අප්පද බොල? මේ කෙල්ලගෙ තියෙන ඝනකම? මම ත් ඉස්කෝලෙ ගියා නං මේ වගේ අගේට රස්සාවකට යන්න තිබුණ. වැඩ කරන සේරම කාන්තාවන් හා තරුණියන් පොහොසත් රට වලින් පැමිණි අය මෙන් කල එළියට සිටිනු ඇයට පෙනිණි. ඇඳුම් පැළඳුම් ගමන බිමන මෙන්ම කතා බහ ද අමුතුය. තෙල් ගා පිරූ කොණ්ඩය අතරින් කෙස් රොදක් ඇද නළලට වැටෙන්නට දමා සිටි යුවතිය තද දුඹුරු පාට තොල් ආලේප තවරා දිගට වවා තිබුණු නියපොතු වල ද දිලිසෙන දුඹුරු පාට නිය ආලේප ගල්වා සිටියාය. ඇය කතා කරන විට ෆාර්සි භාෂාව සමග තවත් භාෂාවක් මැදට දමා කතා කළාය. අනිසා ඇසි පිය නොගසා කලූ පෙට්ටිය දෙස බලා සිටියාය. එක වරම විදුලියක් කෙටූ නිසා ඇය තිගැස්සිණි. බියවූ තරමට ඇස් වැසී පින්තූරය නරක් වුණාදැයි ඇයට සිතිණි.
‘පින්තූරෙ දෙන කල් අතනින් වාඩි වෙලා ඉන්න.’ ඇයගේ කීමට අනුව බංකුවක පේළයට වාඩි වී ඉන්න ගැහැණුන් අතරට අනිසා ද එකතු වූවාය. හසිනාට සහ නසීමාට පින්තූර ගන්නා තැනට එන්නට අවසර ලැබුණේ නැත. ඔවුන් කලින් ලියා පදිංචි වී සිටි නිසා ඔවුන්ව දොරකඩ අසලම නවතා ගනු ලැබිණි.
ර්‍"බික් . . . බික් . . . බික් . . .”
අනිසා ඒ හඬින් යලිත් බිය පත් වූවාය. ඒ ඇසෙත්ම ෆොටෝ ගත් යුවතිය පින්තූරය වියැලී ඇති බව දැන ගත්තා මෙන් එය අතට ගෙන කපා වෙන්කර අනිසාට ද එකක් දුන්නාය. ඇයට සිය දෑස් අදහා ගත නොහැකි විය. ඒ ඉන්නේ තමාම දැයි ඇයට විශ්වාස නැත. හසිනාගේ ගෙදරදී දුටු වීඩියෝ සිනමා පටයක සිටි පකිස්තාන් සිනමා නිළියක් ඇයට මතක් විණි. තමා ඒ තරමටම දැකුම් කලූ යයි ඇය සිතුවේ නැත. ඇය පින්තූරය රැුගෙන හසිනා හා නසිමා සිටින තැනට දිව ගියේ ඉහ වහා ගිය සතුටිනි. එහෙත් ඇයට ඔවුන් අසලට යන්නට අවසරයක් ලැබුැණ් නැත.ි බියෝ ඉන්ජා . . . බියෝ ඉන්ජා . . . (මෙහෙ එන්න) කියමින් කැමරාකාරිය කෑ ගැසුවාය. අනිසා ඒ හක්‍ෂින් බියවි ආපසු හැරී දුව ගෙන එද්දී තව පොඞ්ඩෙන් බුර්කාව පැටලී කරණමක් ද ගසන්නට ද ඉඩ තිබිණි. බේරුණේ අනූ නවයෙනි. අනිසා පින්තූරය ගෙන ගොස් තවත් කෙනෙකුට දුන්නේ අත්සන් ලබා ගෙන පින්තූරය කාඞ් එකේ අලවා දීම තවත් වියපත් ස්ත‍්‍රියකට පවරා තිබුණු බැවිණි. අත්සන් කරන්නට අකුරු නොදන්නා බැවින් දකුණු අතේ මහපටැඟිල්ලේ තීන්ත තවරා නියමිත කොටුවේ ඇය ඇඟිලි සලකුණ තැබුවේ සිත තැවුලිනි. ෆාර්සි හෝඩියේ මුල් අකුර වු ර්‍"අලෙෆ්” යන්න ලියා ගන්නටවත් හඳුනා ගන්නටවත් තමාට බැරිය. අනෙක එය එකම එක ඉරක් පමණක් බව කිහිප දෙනෙකුම කියා ඇත.'කෙල්ලෙක් වීමේ පාපය`’ අයියාගේ ගැරහීම එසේය. අනිසාව සිතුවිලි දහරින් ඉවතට ගනිමින් ඇගේ පින්තරය ඇලවූ කාඞ් පත ලැමිනේට් කර ඇය අත තැබූ වියපත් කාන්තාව එම කාඞ් පත නැති කර ගන්නේ නැතිව පරෙස්සමට තබා ගත යුතු බවට ද කියා සිටියාය.
"ටෂකොර්”” අනිසා එසේ ස්තුතිය පළ කළේ හදවත පත්ලෙන්මය. තමා අත තිබුණු කුඩා ඉටි කවරයේ කාඞ් එක දමා ගන්නට පෙර එය යෙහෙළියන් දෙදෙනාට පෙන්විය යුතු යයි ඇයට සිතිණි. ඔවුන් දෙදෙනාද ඇය නිළියක් මෙන් පෙනේ යයි කීවේ බුර්කාවලින් හිසත් සිරුරත් ආවරණය කර ගන්නා ගමන්ය. පාරේ අයිනක වූ පෙට්ටි කඩයකින් ර්‍ණසිමියොන්” (මුරුක්ක ග‍්‍රෑම් දෙසිය පණහක්) මිළට ගත් ඔවුහු මෙසේ පින්තූර ගන්නට ලබා දීම ගැන අල්ලා දෙවියන්ට ස්තුති කරමින් ගෙවල් බලා ඇදුණහ.
ගෙදර පැමිණි අනිසා මුලින්ම කළේ දර උදුන දල්වා සිහිතලෙන් හිරි වැටී තිබුණු දෑත් දෙපා රත් කර ගැනීමය. අයියා හා තාත්තා වැඩ ඇරී ගෙදර එන විට කෑම සකස් කර තැබිය යුතුය. එය ඇයට එතරම් අසීරු කරුණක් නොවේ. හාල් ටිකක් පෙෙඟන්නට දමා ඔවුන් එන කිට්ටුව බත සකස් කිරීමටත් ගුල්පි (මල් ගෝවා) හෝ කචෝලූ (අර්තාපල් අල) වෑංජනයක් සකස් කරන්නටත් පැය භාගයක් වත් ගත නොවෙයි. ඇය හාල් ටිකක් පෙෙඟන්නට දමා පුංචි රේඩියෝව ක‍්‍රියා කර වූවාය. පොතක් පතක් කියවන්නට නොදත් ඇයට සිටි එකම හිතවතා එයයි. "තෙරේ නාම්” ගීතය ඉන් ඇසෙයි. ඇය එම චිත‍්‍රපටයේ ගීත වලට බෙහෙවින් ඇලූම් කළාය. ඇය ගීතය හෙමින් මිමිණුවාය. ඇෆ්ගන් ජාතික ස්ත‍්‍රීන්ට ගී ගැයීම තහනම්ය. නැටුම් නැටීම ද තහනම්ය. එහෙත් කාන්තාවන් පමණක් සහභාගි වන උත්සව වලදී ඔවුන්ට නැටුම් ගැයුම් කළ හැක. එම උත්සව පැවැත්වෙන්නේ ගෙවල්වලය. කුඩා කාමරයකට කූඩු වන ඔවුහු බුර්කාවන් පමණක් නොව හිස වටා දවටා සිටින රෙදි පවා ඉවතට ගලවා දමා ඉමහත් නිදහසක් එදිනට භුක්ති විඳිති. දරුවෙකු ලැබී දින හයකින් පවත්වන නම් තැබීමේ උත්සවයන් ස්ත‍්‍රීන්ට පමණක් සීමා වෙයි. බුර්කාවෙන් හා අනෙකුත් දැඩි නීති වලින් සිර වී සිටින ඇෆ්ගන් ගැහැණු තමන්ගේ සියලූ දුක්ඛ දෝමනස්සයන් මුදා හැර මෙබඳු අවස්ථාවල විනෝද වෙති.
"තෙරේ නාම් . . . හා . . හා . . ”
"ඉෂ්ක් හේ තුම් හමාරා සනම්”
අල පෙති ගසා භාජනයකට දමන අතර අනිසා ගායනා කරන්නීය. උයා පිහා අවසන් කළ ඇය බිම දමා තිබූ මෙට්ටයේ මදක් ඇලවුණාය.
අනිසා අවදි වුයේ අයියා ඇවිත් සපත්තු වල හිම ඉවත් කරන හක්‍ෂින්ය. තාත්තා ද ළඟ ළඟම එනවා ඇතැයි ඇය සිතුවාය. ඇය උදුන ළඟට විත් කෑම රත් කරන්නට වුවාය. අධික සීතල නිසා වෑංජනවල තෙල් මිදී ඇත. අයියා උණට උණු නාන් (තන්ඩූරි උදුනේ පුළුස්සන පැතලි පාන්) ගෙනැව්ත් උදුන අසලම තබා ඇත. අයියාට පින්තූරය සහිත කාඞ් පත පෙන්වන්නටද නොපෙන්වන්නටදැයි ඇයට සිතා ගත නොහැක. අයියා තවමත් ඡුන්ද කාඞ් පත ගන්නට ගියේ නැත. ඔහු දැඩි අන්ත වාදියකි. ඔහු පිළිගන්නේ තලේබාන් කාරයන් වඩාත් හොඳ පාලකයින් ලෙසටය. වඩාත්ම සුදුසු පාලකයින් ලෙසටය. ඔහු දවසට පස් වතාවක්ම දෙව්යන් වඳියි. මුස්ලිම් ගැහැණුන්ට පණවා ඇති දැඩි නීති රීති ඔහු ඉතා ප‍්‍රිය කළේය. ඒවායින් ඔහු පීඩා විඳින්නේ නැති නිසාය.
තාත්තා ගෙට ගොඩ වූයේ සුවඳ ගහන කෙබාබ් පාර්සලයක් ද සමගය. තාත්තා කෙබාබ් ගෙනෙන්නේ අනිසාට වුවත් ඉන් වැඩි හරියක් ගිල දමන්නේ අයියාය. අනිසා වහාම බැටළු කෙඳි වලින් ආච්චී අතේම ගෙතුවා යයි කියන කිලිමය හෙවත් පුංචි බුමුතුරුුණ බිම එළා කෑම සූදානම් කරන්නට වූවාය. නාන්, බ්‍රෙන්ච් (බත්), කචෝලූ සහ තේ වතුර සමග නාරං පිඟානක් ද ඇය ගෙනැව්ත් තැබුවේ කෙබාබ් ටික තාත්තා විසින් ම ගෙනා නිසාය. අයියා ඒ ටික රැුගෙන තමා අසලින්ම තබා ගත්තේය. අනිසා කාඞ් පත පිළිබඳ පුවත පවසන්නට සුදුසු අවස්ථාවක් පැමිණෙන තුරු බලා සිටියාය. අයියාත් තාත්තාත් කෑම කා අවසන් වූ පසු එය පැවසීම වඩා හොඳ යයි ඇයට සිතිණි. අනිසාද ඔවුන් සමගම කෑම කා නාරං ගෙඩියක් ගෙන ලෙලි ගසන්නට වූවාය. අයියා නාරං ගෙඩි දෙකක්ම කා දත් හාරන්නට වූ විට ඇය කාඞ් පත ගෙන අයියා ඉදිරියේ තැබුවාය. අයියා එක් වරම ගුගුරන්නට විය.
‘කවුද උඹට පින්තූර ගන්න කිව්වෙ? මේ මොන අසමජ්ජාති වැඩක්ද? පට්ට බැල්ලි . . . උඹ දන්නෙ නැද්ද යකෝ ගෑණුන්ට ෆොටෝ ගන්න තහනම් කියල. තාත්තගෙ බුරුල නිසා තමයි මේ සේරම නාඩගම්.’ මෙතරම්ම විරෝධයක් අයියා දක්වනු ඇතැයි අය කිසි විටෙකත් සිතුවේ නැත.
‘එහෙම තහනමක් නැහැ කියලා අපේ මුල්ලා ළඟදි රේඩියෝ එකෙනුත් කීවා, මොහොමඞ්. දැන් ඉස්සරට වැඩිය ලෝකෙ වෙනස්. මේ දැරිවි ආසාවට ෆොටෝ එකක් ගත්තට ඔය තරම් කෑ ගහන්න ඕනැද?’ තාත්තාගේ වදන් අනිසාගෙ සිතට මහත් සහනයකි.
‘තාත්තා දන්න . ...." අයියා සිය ආවේගයන් පාලනය කරන්නට තැත් කළත් එය අසීරු විය.
‘මේවා දැන්ම නතර නොකළොත් මේ කෙල්ලව හදා ගන්න වෙන්නෙ නැහැ. උඹට ෆොටෝ ඕනෙත් නෑ. ඡුන්ද ඕනෙත් නැහැ. ඇමෙරිකන් කාරයො එන්නෙ අපේ සිරිත් විරිත් විනාශ කරලා දාන්න. හිටපන් ගෙදරට වෙලා මොකෙක් හරි මිනිහෙකුට බන්දලා දෙකනල්.’ ඔහු මගේ කාඞ් පත ඉරා දමන්නට තැත් කළේය. එය අසාර්ථක වෑයමක් වූ විට ඔහුගේ රතු ඉර පැන්නේය.ිපලාස්ටිකුත් ගහලා මුන්’ තමාටම කියාගත් ඔහු මා දෙසට ඔරවමින්ිහිටපන් උඹට මම හොඳ වැඩක් කරන්න’ කියමින් කාඞ් පත ගිනි දළු නගින උදුනට විසි කළේය. උදුනට අත දමා එය ඉවතට ගන්නට අනිසාට උවමනා වුවත් එසේ කිරීමට තරම් ශක්තියක් ඇය තුළ වූයේ නැත. දෙවියන්ගේ සාපයට ලක්වන්නට ඇය තුළ ද ඇත්තේ බියකි. එහෙත් අනන්ත සිහින දැක ජීවිතයේ මුල්ම වරට ගත් පින්තූරය` තව කොපියක් වත් ඉල්ලා ගන්නටත් බැරිවිය. තමාගේ පින්තූරයේ මුහුණ පුරා ඇඳුණු බියපත් මද සිනහව සමගම පින්තූරයත් ඡුන්ද කාඞ් පතත් උණු වී ඇකිලී පිළිස්සි කරකුට්ටං වී යන ආකාරය බලා ඉන්නට බැරි තැන අනිසා තිරයකින් මුවා කර තිබූ ඇය නිදා ගන්නා තැනට ගොස් දණහිස් මැද මුහුණ රඳවා ගෙන ඉකි බිඳිමින් හඩන්නට පටන් ගත්තාය...

මම මේක ලිව්වෙ ඇත්ත සිද්දියක් ඇසුරෙන්. තවමත් ඇෆ්ගනිස්තානෙ ඇවතුම් පැවතුම් වෙනස් වෙලා, නැහැ...ගැහැණු ඉන්නෙ අර උඩ පින්තුරෙ වගෙ තමයි.